BREAKING NEWS
Search

පස් දෙනෙකුගේ දිවි බේරාගත් චූටි මල්ලී

518

ගංවතුර හමුවේ බොහෝ පිරිසකගේ ජීවිත ගැන විවිධ පුවත් අසන්නට ලැබුණා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. මේ කතාව ඇසෙන්නේ දොඩංගොඩ ප්‍රදේශයෙන්..

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමගොඩ, වත්තෙ ගෙදර ප්‍රදේශයට ඊයේ අළුයම් කාලයේදී ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇතිවූ සුලං තත්වයත් හේතුවෙන් නිවසක් මතට දෙල් ගසක අත්තක් කඩා වැටී තිබුණා…

ඒ හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයින් ජීවිත බේරාගෙන ඇත්තේ නිවසේ සුරතලයට සිටි සුනඛයා නිසා බව නිවෙස් හිමියා පවසන්නේ…

අලුයම 2ට පමණ නිවෙස් හිමියා නිදා සිටි කාමරයේ ඇඳ ළඟට පැමිණ මදුරු දැල කටින් ඉරාදමා නිවෙස් හිමියාගේ සරමෙන් ඇද ඔහු නැගිට්ටවා නිවසේ ඉදිරිපස බිරිඳ සහ දරුවන් නිදා සිටි කාමරය දෙසට සරමෙන් ඇදගෙනම කැඳවාගෙන යාමට මේ සුනඛයා කටයුතු කර තිබුණා…

ඊට සුළු මොහොතකට පසු දෙල් ගසේ අත්ත නිවසේ වහලයට කඩාවැටී නිවසේ මුළුතැන්ගෙයෙහි බිත්ති ඇඳ මතට කඩා වැටී තිබුණා… ඒ මොහොත වන විටත් සියලු දෙනාම සුනඛයාගේ හැසිරීම හේතුවෙන් අවදිවී සිට ඇති අතර ඔහුන් මේ විපතෙන් බේරාගන්නට ඒ සුනඛයාට හැකිව තිබුණා…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *