ජනාධිපතිවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා නිකුත් කරන ලද අංක 2403/53 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ පළමු කැබිනට් මණ්ඩලය යටතේ මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සංචාරක ආමාත්‍යාංශයේ විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අයත් වූ අතර, ඒ අනුව මෙම සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන ලැයිස්තුවට ඇතුළත් වුණා…
කෙසේ නමුත්, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ සූදානම සම්බන්ධයෙන් රජයට පසුගිය කාලයේදී විවිධ චොදනා එල්ල වුණා…
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් නොවැම්බර් මස 25 වැනිදා අංක 2412/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කෙරුණු අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම එකතු කර තිබුණා…
ඒ අනුව, මෙම සමාගම හරහා විශේෂයෙන් කිරිදෙන මව්වරුන් සඳහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීම සහ බෙදාහැරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය බවයි වාර්තා වෙන්නේ…



















