BREAKING NEWS
Search

සුදුවෑන් සිද්ධියට හසුවුණු රාජිතට අද ලැබුණ තීන්දුව මෙන්න..

621
ඔහු ගැන මීට පෙර අවස්ථා ගණනාවකදී කතා වුණා.. බොහෝ කලක් තිස්සේ කතා කළ ඒ සිද්ධියට ඇත්තටම මොකද වුණේ..? 
ආන්දෝලනයකට තුඩු ‘සුදු වෑන්’ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව මෙම චෝදනා එල්ල කළා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *