BREAKING NEWS
Search

පොලිස්සියට පාට් දැමු කාන්තාවන් පිරිසකට සිදු වූ දේ – ළමයෙකුත් එකතු වෙලා

276

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට දමා හරස්කර එම සැකකරු මුදා ගැනීමට උත්සාහ දැරූ කාන්තාවන් හතරක් , පාසල් සිසුවකු ඇතුළු සැකකරුවන් 5ක්, අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පරසන්ගස්වැව මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57, 45, 38, සහ 34 වියේ පසුවූ කාන්තාවන් 4ක් සහ 12 හැවිරිදි පාසල් සිසුවෙකි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසිදුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ශ්‍රී මාල් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක්  පොලිස් ජීප් රථයකින් පරසන්ගස්වැව සියඹලාගස්වැව පන්සල අසලට ගොස් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී, මෙම ප්‍රතිවිරෝධය සහ බාධා කිරීම සිදුව ඇති බව පොලිසිය කියයි.

යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකෑමේ , සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී මැදගම, සියඹලා ගස් පන්සල අසලදී පැමිණි එම සැකකරුගේ ආච්චී, සීයා, පුංචි, ඇතුළු විස්සකට අධික පිරිසක් පොලිසියේ මඟ හරස් කර, පහරදීමට තැත් කර රාජකාරියට බාධා එල්ල කර ප්‍රතිවිරෝධය පා ඇති බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *