BREAKING NEWS
Search

ඓශ්වර්යා රායිගේ නමෙන් බච්චන් කෑල්ල හැලෙයි – ජාත්‍යන්තර වේදිකාවකදීම, ඇත්ත කතාව එළියට ආව හැටි

842

අභිෂේක් බච්චන් – ඓශ්වර්යා රායි කියන්නෙ මේ වෙද්දි ලෝකයේම අවදානය දිනූ තරු යුවළක්.

දෙන්නා අතර දෙදරා යාමක් ගැන ප්‍රසිද්ධියේම ලොකු කතා බහක් ඇති වෙලයි තියෙන්නෙ.

යම් යම් අවස්ථාවල ඔවුන්ගේ හැසිරීම් මත ‘අභිෂේක් – ඓශ්වර්යා දෙන්නා වෙන්ව ඇති බවට’ කතාබහක් පැවතුණත්, තවමත් ඊට නිල තහවුරු කිරීමක් නෑ.

නමුත් දෙන්නා අතර මොන යම් හෝ විරසකයක් තියෙනවා කියන්න නම්, සාක්ෂි සෑහෙන්න.

ඊට ආසන්තම උදාහරණය තමයි, මෙතෙක් කල් ‘ඓශ්වර්යා රායි බච්චන්’ ලෙස සඳහන් වුණු ඓශ්ගේ නම ‘ඓශ්වර්යා රායි’ ලෙස තනිව හැඳින්වීම.

මෙලෙස ඇයව හඳුන්වලා තිබුණේ, ඩුබායි හි පැවති ගෝලීය කාන්තා සංසදයේ උත්සවයක් අතරතුර.

ඇය එහිදී කාන්තාවන් සවිබල ගැන්වීම ගැන දේශනයක් පවත්වා තිබුණා.

මේ අවස්ථාවේදී ඇයට පසුපසින් වුණු පුළුල් තිරය මත දිස්ව තිබුණේ, “Aishwarya Rai | International Star” යන්නෙන් පමණයි.

Monara

මෙයාකාරයෙන් ඇගේ නමින් “බච්චන්” යන වාසගම ඉවත්වීම මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ ලොකු කතා බහක් ඇති කරලා.

දැන් කාටත් ප්‍රශ්නයක්, ඓශ් තමන්ගේ නමින් “බච්චන්” යන කොටස ඉවත් කරලාද කියන එක.

ඔය අතරෙ අභිෂේක් – ඓශ්වර්යා ප්‍රේම කතාවට ආශිර්වාද කරන අය නම් කියන්නෙ, ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම නිසා ඇයගේ වාසගම මඟ හැරී ඇති බවක්.

කොහොම නමුත් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තවමත් ‘Aishwarya Rai Bachchan’ ලෙස ඇති නිසාම, ඇය එය ඉවත් කළ පසුව මේ කටකතා සත්‍ය වනු ඇති බවයි බහුතර මතය.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *