අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළි අතුරුදන්ව සිටි එහි රියදුරු සහ ඔහුගේ සහයකයෙකුගේ මළ සිරුරුද අද උදෑසන සොයාගත්තා.
මීට පෙර ට්‍රැක්ටරය පෙරළිී අතුරුදන් වූ සිසුන් 04 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර, තවත් සිසුන් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය කියා සිටියේ.
ට්‍රැක්ටර් රථය රළ පහරට හසු වන විට එහි රියදුරු සමග ඔහුගේ සහයකයින් දෙදෙනෙක් ගමන් කර තිබූ අතර, එක් අයෙකු අතර මගදී පැන ගොස් තිබුණා.
ඔහු අද උදෑසන පොලිසියට භාර වී ඇති බව සදහන්.
අයහපත් කාලගුණය නිසා කොළඹ කොටුව – බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කෙරේ
අයහපත් කාලගුණය හේතුවෙන් අද (28) කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම අනෙකුත් රාත්‍රී දුරගමන් සේවා දුම්රිය නියමිත පරිදි ධාවනයට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




















