BREAKING NEWS
Search

විශාලම දළ ඇතා දීග ජන්තු අවසන් ගමන් යයි

524

කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු 01 නැමැති ඇතා විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ, අනුරාධපුර – ගල්කිරියාගම ආඩියාගල ප්‍රදේශයේ නිවසෙක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම ඇතා මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආඩියාගල වනජීවි කාර්යාලය සහ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

කලා වැව රක්ෂිතයට අමතරව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ ද මෙම දළ ඇතා සැරිසරා තිබෙනවා.

මීට පෙර රේවත සහ භරණ යන ඇතුන්ද මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *