BREAKING NEWS
Search

නිවුන් සොයුරියන්ගේ පැටිකිරිය ගැන තරුණයෙක් හඬ නගද්දී, ඔවුන් දෙදෙනා රට හැර ගිහින්ද?

8150

අනූ,  කනූ පැතිරී ගිය කට කතා එක්ක මේ දෙන්නා මේ වෙනකොට ඉන්නේ කොහේද කියන එක හැමෝම හොයනවා..

ඇතැම් සමාජමාධ්‍ය පිටු තුළ නම් ප්‍රචාරය වෙන්නේ මොවුන් දෙදෙනා විදෙස් ගත වුණා කියන කතාවක්.. ඒ හැම කතාවක්ම මැද්දේ මීට සති කිහිපයකයට කලින් මේ දෙන්නා ගැන බොහෝ දෙනෙක් කතා කළේ කිසියම් වීඩියෝවක් සම්බන්ධ කාරණයක් නිසා කිව්වොත් හරි..

ඒත් දැන් ඒ කතාවට එහා ගිය කතාවක් සමාජමාධ්‍ය තුළ සැරි සරනවා..

ඇත්තටම මේ දෙන්නා මේ කළේ පදනම් විරහිත චෝදනාවක්ද..? ඊයේ ලසන්ත ලියනගේ නැමති තරුණයෙක් කියූ කතා වලින් ඒ ගැන ඉතිරි වුණේ සැකයක්..

කාලාන්තරයක් තිස්සේ නොවිසඳුන ගැටලු ගණනාවක් ගැන මේ තරුණයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළකර තිබුණත්, මේ කතා ඉදිරියේ අනූ කනූ දෙදෙනා නම් නිහඬයි.. ඒ මේ වෙනුවෙන් නීතිමය කටයුත්තක් තිබෙන නිසාද , නැතිනම් ඒ කතාවල කිනම් හෝ සත්‍යතාවක් තියන නිසාද කියන එක නම් ගැටලුවක්..

කොහොම වුණත් සමාජ මාධ්‍යවල මේ තරුණියන් දෙදෙනා විදෙස් ගත වුණ ඡායාරූප කිහිපයක් සංසරණය වුණත්, ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවල නම් ඒ කිසි දෙයක් ඇතුලත්ව නැහැ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *