BREAKING NEWS
Search

රටක් කැළඹූ හලාවත ඛේදවාචකයේ සුල මුල හෙළිවෙයි. DNA වාර්තාවෙන් හෙළිවූ දේ මෙන්න

4520
හලාවත – සිංහපුර ප්‍රදේශයේ නිවසක තිබී හමු වූ සිරුරු එකම පවුලේ පියා සහ දියණියගේ බවට DNA පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

පසුගිය මාසයේ දී මෙම ඛේදවාචකයට ලක් වුණේ ශමිනිදුගේ ගෙදර සේනාරත්න නමැති 51 හැවිරිදි පුද්ගලයෙක්, මුහන්දිරම්ලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර නම් 44 හැවිරිදි කාන්තාවක් සහ ශමිනිදුගේ ගෙදර නෙත්මි නිමේෂා නමැති 15 හැවිරිදි ඔවුන් දෙපළගේ එකම දියණියයි.

මිය ගොස් සිටි සේනාරත්න සහ නෙත්මි නිමේෂා යන අයවළුන්ගේ ඥාතිත්වය තහවුරු කර ගැනීම සඳහා ශරීර කොටස් DNA පරීක්ෂණයකට ද යොමු කිරීමට පොලීසිය කටයුතු කළා.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල ජින්ටෙක් ආයතනය විසින් ඉකුත් 26 වැනිදා හලාවත අධිකරණය වෙත එවා ඇති අතර ඉන් හෙළි ව ඇත්තේ මියගොස් අත්තේ එකම පවුලේ පියා සහ දියණිය බවට තහවුරු වී ඇති බවයි.

නිවසේ ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවස හිමියා විසින් තම බිරිඳ සහ දියණිය ඝාතනය කර තමන් ද සියදිවි හානි කර ගන්නට ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් සිටි අඹු – සැමියන්ගේ සහ දියණියගේ සිරුරු අධිකරණ නියෝග මත මීට සති දෙකකට පෙර ඔවුගේ ඥාතීන් වෙත භාර කෙරුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *