BREAKING NEWS
Search

අරගලකරුවන්ට පහර දුන් කහඳගම සහ ඩෑන් ප්‍රියසාද්ට වෙන්න යන දේ

630

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම වරෙන්තු නිකුත් වී ඇති අතර මෙම පිරිස අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන්.

ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ ඔහු විදේශගතව ඇති බවයි.

වෙනත් පුවත්

පීඩාවත් පත් ජනතාවට කඩිනම් සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙසත්, සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙසත්, ජනාධිපතිවරයා එහිදී බලධාරීන්ට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

No description available.

No description available.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *