BREAKING NEWS
Search

වාහන සිහින දකින අයට නව බලාපොරොත්තුවක්! රටම බලා සිටි වාහන ආනයනය සිදු වෙන්නේ මෙහෙමයි…

1799
තමන්ටම කියලා වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්.
ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ.

ඒ අතරේ වාහන ආනයනය ගැන අද ආයෙත් කතා බහක් ඇති වුණා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී..

එහිදී ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කම්කරු අමාත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

“කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර් රිසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අධියරයේදී.

අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ ස්ථායිකරණ වැඩසටහනට අනුගාමිව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකට දැන් හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා එකවර මේක අතහැරලා ස්ථාවරභාවය කඩා බිඳ දමන්න නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *