කුලියාපිටිය – හෙට්ටිපොල පාරේ කඹුරාපොල පාලමෙන් බුත්ගමු ඔයට ඇද වැටුණු ජීප් රථය ඔබට මතක ඇති.
මේ අවාසනාවන්ත අනතුරින් ජීප් රියේ ගමන් ගත් අයියා මලෝ දෙදෙනා එම රිය තුළම ජීවිතක්‍ෂයට පත්වුණා.
පෙරේදා(23දා) අලුයම 1.00 ට පමණ සිදුව ඇති එම අනතුරින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කුකුලු ගොවිපල හා තවත් ව්‍යාපාර රැසක් හිමි එකම පවුලේ 25 සහ 27 වයස්වල පසුවූ නිර්මාල් ධනංජය හා ඉෂාන් පියුමාල් නැමැති සහෝදරයන් දෙදෙනෙක් එලෙසින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සාදයක් නිමවී යළි නිවසට යමින් සිටියදී කඹුරාපොල බුත්ගමු ඔයේ පාලමේ වංගුවෙන් වේගය පාලනය කරගත නොහැකිව දුරකථන කණුවක ගැටී ඔයට ඇද වැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මියගිය තරුණයින් දෙදෙනා එම වාහනයෙන් ගමන්කර තිබූ අතර ඔවුන්ගේ පියා ඇතුලු පිරිස වෙනත් වාහනයකින් පසුපස පැමිණ ඇති බව සදහන්.
තමන් සමග සිටි ආදරණීය පුතුන් දෙදෙනා මොහොතකට පසු මෙවන් විපතකින් අහිමිවීම කොතරම් ඛේදවාචකයක්ද?
“අනේ පුතේ… ඇයි මෙහෙම අපට වුණේ…” ඔවුන් නඟන විලාප රැස්ව සිටි සියල්ලන්ගේම නෙතඟ කඳුළෙන් තෙත් කරන්නට වූයේය.
119 හදිසි ඇමතුමකට අනුව පොලිසිය එම ස්ථානයට යන විටත් ඔයට ඇදවැටී තිබූ සැප රිය එහි ගමන් ගත් දෙදෙනාද සමගින් ජලයේ ගිලී තිබී ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා උදෑසන 07.00 ට පමණ ප්‍රදේශවාසීන්ගේ සහයද සහිතව ගොඩට ගැනීමට කටයුතු කරනු ලැබීය.
ගොඩට ගන්නා විටත් රියේ ගමන් කළ සහෝදරයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර පොලිසිය මෘත දේහයන් වහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.
සිදුවූ අනතුර හේතුවෙන් අලුයම 3 පමණ පටන් උදෑසන 7 පමණ වන තෙක් එම මාර්ගයේ ගමනා ගමනය මුලුමනින් අඩාල විය.



















