BREAKING NEWS
Search

මංගල පෙරහැර මග නවතා, නොසිතූ දෙයක් කල අලුත බැදපු මනමාලයා

1018
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍ය උත්සවයකයේදී අශ්වයෙකු පිට නැග මංගල පෙරහරේ ගමන් ගන්නා මනාලයෙක් පැළඳගෙන සිටි මුදල් ඇමිණු මාලයක තිබූ මුදල් ලොරි රථ රියදුරෙකු විසින් කොල්ලකා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්පසු මනාලයා වහාම අශ්වයාගේ පිටෙන් බැස දිවගොස් ලොරි රථයට නැග එහි ජනේලයෙන් රථයට ඇතුළු වී නැවත ඔහුගෙන් මුදල් ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිදුවීම නිසා මංගල පෙරහැරේ කලබලයක් ද ඇතිව තිබෙනවා.

මනාලයා වාහනය පසුපස හඹා ගොස් එයට ඇතුළු වී සොරාට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ සංසරණය වෙනවා.

පසුව තවත් කිහිප දෙනෙකු ද පැමිණ මනාලයාට සහය පළ කර, මනාලයාගේ මාලයෙන් මුදල් සොරකම් කළ සොරාට පහර දී තිබුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *