BREAKING NEWS
Search

රන් මිලෙහි සැලකිය යුතු පෙරලියක්. සතිය ආරම්භයේම සිදු වූ දේ මෙන්න

730
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල ගණන් සටහන් වන්නේ මෙලෙයින්….

 රන් අවුන්ස (Gold Ounce) Rs. 787,633.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 27,790.00
 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 222,300.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.25,480.00
 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.203,800.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.24,320.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.194,550.00

වෙනත් පුවත්

බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද  (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ  දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි කදු මුදුනේ තිබූ විශාල ගල්පර්වත පස්කදු දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති අතර ,මේ නිසාවෙන් බදුල්ල සිට  මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල්පර්වත පස්කදු ඉවත් කිරීමට බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග අංශයේ සේවකයන් පිටත්කර යවා ඇති බවත් , මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .

කෙසේ වෙතත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබෙන දුම්රියන් සාමාන්‍ය පරිදි  දැනට ධාවනය වෙමින් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *