BREAKING NEWS
Search

ගූගල් මැප් එක නිසා තවත් සහෝදරයන් දෙදෙනෙක් ඇතුළුව තුන්දෙනෙක් ගගට වැටි මරුට

254
ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්‍රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංගාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උත්තර් ප්‍රදේශ්හි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුයි මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.

හානියට පත් මෝටර් රථය ගම්වාසීන් දැක එය ගඟෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙම වසර මුලදී ගංවතුර නිසා එම පාලමේ ඉදිරිපස කොටස ගඟට කඩා වැටී ඇති බවත්, පාලමේ නවතම තත්ත්වය GPSහි යාවත්කාලීන කර නොමැති බවත්, වාර්තා සඳහන් කරනවා.
මියගිය අය ගූගල් සිතියම් මත විශ්වාසය තබා ඇති බවයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ.

තවද, පාලම අසම්පූර්ණව තබා තිබීම සහ පැමිණෙන වාහනවලට අවවාද කිරීම සඳහා එම ප්‍රදේශය වටා බාධකයක් නොතිබීම නිසා ඔවුන් නිලධාරීන්ට ද චෝදනා කර තිබෙන බවටයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *