ගිනිකොණදිග මෙක්සිකාවේ – විලාහොමෝස් නගරයේ අවන්හලකදී සන්නද්ධ පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත්, වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා වූ නොමැති බව සදහන්.
මීට සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ – ක්වෙරේටාරෝ නගරයේදී ද මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 10 දෙනෙක් මිය ගොස් 07 දෙනෙකු තුවාල ලබා තිබුණා.
මේ වසරේ ජනවාරි සහ ඔක්තෝබර් අතර කාලය තුළ මෙක්සිකොවේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 715 ක් මියගොස් තිබෙනවා.
වෙනත් පුවත්
උසස් පෙළ විභාගය බාධාවකින් තොරව ඇරඹෙයි
උසස් පෙළ විභාගය කිසිඳු බාධාවකින් තොරව අද උදෑසන 8 යි 30ට ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිසුන්ට විභාගයට පෙනී සිටීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දීම සදහා විභාග දෙපාර්තුමෙන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මේ වන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
ඒ අනුව ජල ගැලීම් හමුවේ පීඩාවට පත්ව සිටි මාතර ප්‍රදේශයේ සිසුන් 04 දෙනෙක් සදහා නාවික හමුදා දියත් කර තිබූ බෝට්ටු මගින් ඔවුන්ට අවශ්‍ය ගමන් පහසුකම් ලබා දී තිබෙනවා.
විභාගය මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 33, 185 දෙනෙකු පෙනී සිටිනවා.

















