BREAKING NEWS
Search

මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා මහා කලබලයක්

513

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (24) සවස විරෝධතාවක නිරත වූහ.

ගම්මනයේ ජලය ගලා බැස්සවීම සඳහා ගොඩගසා තිබූ බෝකුකුවක්ද තලෙයි මන්නාරම් ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් මාර්ගය අවහිර කොට මෙලෙස ගම්වාසීන් විසින් විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් පවසා  සිටියේ,

‘දිගු කලක් තිස්සේ ගම්මානයේ ගංවතුර රැඳී තිබීමෙන් විවිධ වූ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති වුවත් ගංවතුර ජලය ගලා බැසීම සඳහා කිසිදු ක්‍රීයාමාර්ගයක් කිසිවෙක් ගෙන නෙමැතිවීමෙන් ගම්මානයේ පවුල් 100 කට අධික පිරිසක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවයි .

ගංවතුර ජලය ගලා බැසීම සඳහා බොක්කු ආදී ද්‍රව්‍ය දිගුකලක් තිස්සේ ජරාජීර්ණ වෙමින් දිරාපත් වුවද කිසිදු බලධරියෙකු ඒ පිළිබඳව අවධනයක් යෙමු නොකරන බවටද ගම්වාසීහු  පවසා සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *