BREAKING NEWS
Search

සියලුම මන්ත්‍රිවරුන්ට විශේෂ පණිවිඩයක්

184
මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලුම මන්ත්‍රිවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද සිට දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ඇතුලු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කරනු ඇති.

එමෙන්ම, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *