BREAKING NEWS
Search

නව රජයෙන් රුහුණ විශ්වවිද්‍යාලය ගැන වහාම ගත් තීරණය

323

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර ඇත.

ඒ අද (24) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය විසින් ය.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කර තිබෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යය මණ්ඩලය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය හිමිව ඇති බව ද සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *