BREAKING NEWS
Search

පවුලේ අය පියතුමෙක් සමග ගිය ගමන ඛේදාන්තයකින් අවසන් වෙයි

1033

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක්  අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉතිරි  කතෝලික පියතුමේකු  ඇතුළු පසු දෙනෙකු බේරාගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ කලපුවේ ගිලි අතුරුදහන්ව ඇත්තේ මිගමුව මුන්නක්කරේ පදිංචිව සිටි රනිල් ප්‍රනාන්දු  (50) හැවිරිදි පියකු හා නෙත්මි ප්‍රනාන්දු නැමති 20 හැවිරිදි දියණීයක් බව කියයි.

කලපුවේ ගිලි අතුරුදහන්ව ඇති පියා හා දියණිය සමග පවුලේ සාමාජීකයින් පිරිස හිතවත් පුජකවරයකු සමග දහවල් 12.45 ට පමන මෙම පිරිස පදිංචි මුන්නක්කරේ පිහිටි නිවස ආසන්නයෙන් ධිවර යාත්‍රාවේ නැගි  ගමන් කරමින් සිටියදී සිරිවර්ධන පුර ආසන්නයෙ කලපුවේ යාත්‍රාව පෙරළි ගොස්  අනතුරට ලක්ව ඇති බව කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ එකම පවුලේ සාමාජීකයින් පිරිස ගමන් කර ඇති බවත් එහි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් සිව් දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *