BREAKING NEWS
Search

අයියා ජපානයේ, මල්ලී ඕස්ට්‍රේලියාවේ… ලංකාවට ඇවිත් සති දෙකක් නැහැ…” – ප්‍රකෝටිපතියාගේ පුතුන් දෙදෙනාට දිවි අහිමි කළ මාරක අනතුර ගැන තවත් තොරතුරු හෙළිවෙයි…

1952
කුලියාපිටිය – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොළ, බුල්ගමුව පාලමෙන් සුඛෝපභෝගී v8 වර්ගයේ ජීප් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ තරුණයින් දෙදෙනා විදෙස් ගතව උසස් අධ්‍යාපනය ලබමින් සිටිය දී මීට සති දෙකකට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් වූ සහෝදරයින් දෙදෙනාගෙන් 27 හැවිරිදි නිර්මාල් ධනංජය ජපානයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර 25 හැවිරිදි ඉෂාන්ත පියුමාල් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.

කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොළ දෙසට ධාවනය වූ මෙම v8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ  අලුයම එකට පමණ බුත්ගමුව පාලමෙන් පහළට පෙරළී අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් පසු ජීප් රථය පැය හයක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩගත් අතර, ඒ වන විටත් රථය තුළ සිරවී සිටි තරුණයින් දෙදෙනා ජීවිතක්ෂය පත්ව සිටියා.

ජීවිතක්ෂය පත්ව සිටි ඔවුන්ගේ සිරුරු රැගෙන ගියේ කුලියාපිටිය රෝහලටයි.

වෙන්නපුව ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී යළි කොබෙයිගනේ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය දුටුවන් පවසන්නේ, අධික වේගයෙන් ධාවනය කළ ජීප් රථය කඹුරාපොළ පාලමට මීටර් 100කට පමණ ඉදිරියෙන් තිබූ දුරකථන කණු කිහිපයක ගැටී මාර්ගයේ ඇදී ගොස් පාලමෙන් පහළට ඇද වැටුණු බවයි.

ජීප් රථය සහ එහි සිටි පුද්ගලයින් ගොඩ ගැනීම සඳහා පොලිසියට සහ ප්‍රදේශවාසීන් අලු‍යම් කාලයේදීම දොඹකරයක් ආධාරයෙන් මෙහෙයුමක් දියත් කළත් එය සාර්ථක වී නැහැ.

අනතුරුව පැය 6ක පමණ දැඩි පරිශ්‍රමයක් පසුව ජිප් රථය ගොඩට ගැණුනත් ඒ තුල සිටි පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, අනතුර සිදුවූ ස්ථානය වංගු සහිත මාර්ගයක් බැවින් රථය රියදුරුගේ පාලනයෙන් මිදීම, අනතුරට හේතුව විය හැකි බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *