වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිඳු ආකාරයකින් නිධානයක් ගොඩගැනීමට කැනීම් කටයුත්තක් සිදු නොකළ බව බුද්ධ ශාසන, ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, බලංගොඩ, මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයට ඊයේ පැමිණ අවස්ථාවේදී මාධ්‍යයට පිළිතුරු ලබාදෙමින්.
”එතැන කිසිදු ආකාරයක. මාධ්‍යයේ ප්‍රචලිත වෙලා තියෙන විදිහට නිධානයක් ගැනීමක් වැනි කටයුත්තක් නෙවෙයි තිබෙනවා. ඒක විද්‍යාත්මක සලකලා බලලා, විද්‍යාත්මකව අර්ථ කථනය කරන්න අවශ්‍ය දෙයක්. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුම ඉතා පැහැදිලිව කියනවා, එතැන කිසිදු පුරාවස්තුවක්, කිසිදු ස්මාරකයක් නොමැති බව. ඒ නිසා කැණීම් අංශයෙන් කරන රජය මූලික කරගත්තු කටයුත්තක් කෙරෙන්නේ.
ඒකේ කිසිදු අත්තනෝමතික මැදිහත්වීමක් නොවන බව නෛතික අනුග්‍රහය සහ අවසරය සහිතව කෙරෙන රාජ්‍ය කටයුත්තක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදනෙක් අධීක්ෂණය කෙරෙනවා.ඒ නිසා මගේ අදහස නම් අපි මේ පැතිරෙන තොරතුරු එක්ක. බොහෝම ඉක්මනින් එකතු වෙලා තීරණ ගන්නේ නැතිව විද්‍යාත්මක මෙන්ම රාජ්‍ය මැදිහත්වීමෙන් කරන පැහැදිලි කිරීම් පිළිඅරගෙන කටයුතු කරන එකයි හොඳ වෙන්නේ.
ඒ නිසා එතැන නිධානයක් ගොඩගැනීම හෝ ඔය කියවෙන විදිහේ දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලි කර තිබෙනවා. ඒක තමා අපිට පිළිගන්න වෙන ශාස්ත්‍රීය පිළිතුර.”
මේ අතර අදාළ කැණීම් කටයුත්ත ඊයේ පස්වරුවේ අවසන් කළ අතර එහිදී කිසිදු විශේෂ යමක් සොයාගැනීමට නොහැකි වූ බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.



















