BREAKING NEWS
Search

මන්ත‍්‍රී වරප‍්‍රසාද රැසක් කපා දැමේ – කප්පාදු කරන මන්ත‍්‍රී වරප‍්‍රසාද මෙන්න

927

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද යම් ප්‍රමාණයක් කප්පාදු කරනු ඇති බව වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබා දුන් ගිනි අවියත් ඔවුන්ගේ ආරක්ෂාවට ලබා දී තිබූ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවද බොහෝ දුරට එහිදී ඉවත් කරනු ඇත.

මන්ත‍්‍රීවරුන්ට මෙතෙක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇති බවද වාර්තාවේ.

මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සමාලෝචනය කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක්ද පත්කර ඇති අතර මෙම වරප්‍රසාද සංශෝධනයේදී එම කමිටු යෝජනාද සැලකිල්ලට ගැනේ.
වෙනත් පුවත්

පාර්ලිමේන්තුවෙන් ආහාර, වාහන ගන්නෑ කියා අප කීවේ නෑ..! – බිමල්

පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ වාහන ලබා නොගන්නා බවට තම පක්‍ෂය ප්‍රකාශ කර නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ කලින් පැවති ඉතාම ලාභදායික ආහාර වේල වෙළඳපළ වටිනාකමට ගෙන එන්නයි මුලින්ම යෝජනා කළේද තම පක්ෂය බවද ඔහු කියා සිටී.
මන්ත්‍රීවරුන්ට නිවසින් ගෙනවිත් වැඩ නොහැකි බවත් ලෝකයේ සෑම පාර්ලිමේන්තුවකම මන්ත්‍රීවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් ආහාර ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.
ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *