BREAKING NEWS
Search

රටම බලාගෙන ඉන්න වාහන ආනයනය ගැන IMF දැන් කියන දේ

568
තමන්ටම කියලා වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්.
ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ.

ඒ අතරේ වාහන ආනයනය ගැන ආයෙත් කතා බහක් ඇති වුණා.

ඒ ඊයේ කොළඹ, මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී මාධ්‍යවේදියෙකු වාහන ආනයනය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටියා.

ප්‍රශ්නය – 2025 වසරේ පෙබරවාරි වනවිට වාහන ආනයන සීමාවන් ලිහිල් කරන බව පසුගිය රජය ප්‍රකාශ කළා. නව රජය ඒ අනුව කටයුතු කළහොත් එය IMF නිර්දේශවලට අනුකූල වෙනවා ද?

ඊට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ…

“මෝටර් වාහන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කිරීමේ තීරණය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් ඇති කරන බව පැහැදිලියි. ඒ පිළිබඳ අප මෙවර ඇගයීමේදි මෙන්ම මීට පෙර ඇගයීමේදි ද සාකච්ඡා කළා. වාහන ආනයන සීමාවන් ඉවත්කිරීම රජයේ ආදායම් ඉහළ නංවන මූලාශ්‍රයක්ද වනවා. එමගින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදාවුවත් රටේ සංචිත පිළිබඳ අවධානය යොමුකර පරික්ෂාකාරීව එය කළමනාකරණය කළ යුතුයි.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *