BREAKING NEWS
Search

KDU බස් අනතුරෙන් තුවාල ලැබු සිසුවෙකු ගැන දින 23කට පසු දුක හිතෙන ආරංචියක්…

1030
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද මියගොස් තිබෙනවා.
ඒ මෙම අනතුර සිදුව දින 23කට පසුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්වුණා.

ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වුණා.
වෙනත් පුවත්

තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති

මාදිවෙල මන්ත්‍රී නිල  නිවාස  සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නිවාස සංකීර්ණයෙන් වහාම ඉවත් නොවුවහොත්  නිවාස වල වතුර සහ ජලය කපන බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මිය  පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දුන්නාය

නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල  නිවාස ලබාදීම ලබන 3 වැනිදා ආරම්භ කරන බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන්  නිවාස ලබාගත හැකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *