උඩුමහලින් ඇද වැටුණු හැටි තාම හොයාගෙන නෑ.. ජිවිතය මේ විදියට අවසන් වෙයි කියලා එයා හිතන්න නැතුව ඇති….
අවාසනාවන්ත ඉරණමක් ගැන බලංගොඩින් ඇහෙන කතාවක් මෙන්න..
ජිවිතය මේ විදියට අවාසනාවන්ත ලෙස නිමාවට පත් වෙයි කියලා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති… බලංගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම නිසා ප්‍රදේශයේ බොහෝ දෙනෙකු කම්පාවට පතව තිබෙනවා…
බලංගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලේ සිට ඇද වැටුණු අයෙක් අද මෙසේ මියගොස් ඇති බවයි, පොලිසිය පවසන්නේ..
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පිරිමි පුද්ගලයෙක්…
කෙසේ වෙතත් මොහු උඩු මහලින් ඇදවැටුණු ආකාරය සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය වී නැති බවයි පොලිසිය පවසන්නේ…
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි…



















