BREAKING NEWS
Search

කිරුලපන කැලබු ඝාතනය

422

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය කර ඇතැයි කිරුළපන පොලිසිය කියයි.

නිවස තුළ තිබූ පවුම් 8 ක පමණ රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා ඇති බව බැලූ බැල්මට පෙනේ යැයි පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමලා සින්නම්මා නමැති කාන්තාවයි.

ඝාතනයට ලක් වූ වයෝවෘද්ධ කාන්තාව එම නිවසේ සැමියා , දියණිය සහ මිනිබිරිය සමඟ පදිංචිව සිටින අතර අද (21) පෙරවරු 6.30 ට පමණ දියණිය මිනිබිරිය පාසලට ඇරලවා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි.

පෙරවරු 10 පමණ සැමියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා මොරටුව ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ අතර ඝාතනයට ලක් වූ කාන්තාව පමණක් නිවසේ සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *