BREAKING NEWS
Search

අකාලයේ මිලින වූ අයියා මලෝ

1556

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ තරුණ සොහොයුරන් දෙදෙනෙක් මරණයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

අනතුර හේතුවෙන් මියගොස් ඇත්තේ අවුරුදු 20 සහ 23 වයසේ පසුවන සොහොයුරන් දෙදෙනෙක්.

මුලතිව්, මන්කුලම්, වේලාන්කුලම් ප්‍රදේශයේදී මෙම යතුරුපැදි දෙක ඊයේ (20) සවස අනතුරට ලක්වී තිබෙනවා.

මුලතිව්, මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් සොයුරන් දෙදෙනෙකු ගමන්කොට ඇති අතර මල්ලාවි සිට මාන්කුලම් දෙසට තවත් තරුණයෙකු යතුරුපැදියක් ධවනය කර තිබෙනවා.

අතර මඟදී යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

අනතුරින් මාන්කුලම් සිට ගමන්කල සොයුරන් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේම මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මල්ලාවි සිට පැමිණි අනෙක් තරුණයා බරපතල තුවාල ලබා මන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා තිබෙනවා.

අධික වේගය හේතුවෙන් යතුරුපැදිවල වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

මාන්කුලම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *