BREAKING NEWS
Search

හේතුව කියන්නකෝ මං නැගිටින්න ඕන. නවකයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආ ස්වාධීන මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වූ මන්ත්‍රීගේ සමාජ මාධ්‍ය කලබන වීඩියෝව මෙන්න

561
පාර්ලිමේන්තුව ගොඩක් විශේෂයි.. මොකද නවක මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් අද පාර්ලිමේන්තුව නියෝජනය කළා..

ඒ අතරතුර මෙන්න මේ වගේ සිදුවීමක් මේ වන විට අසන්න දකින්නට ලැබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය අර්චුනා රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම මැතිසබයේ විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායික අසුනේ අසුන්ගෙන සිටීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා…

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර, තමන්ට රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා..

කෙසේ නමුත් පාර්ලිමේන්තු කාර්‍යමණ්ඩල නිලධාරියෙකු සම්ප්‍රදායානුකූලව එකී ආසනය විපක්ෂනායක වරයා වෙත වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම්වත් කළ අවස්ථාවේදී එකී අසුනින් ඉවත්වීම ප්‍රතික්ෂේප කරනු ලබන වීඩියෝවකුයි මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *