ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.286.5525ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.5988 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 287.9534 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 296.9762 ලෙස සටහන්ව තිබුණා.
වෙනත් පුවත්
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන සේවීමට ස්වාධීන කමිටුවක්
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අද (20) පැවති සාකච්ඡාවේදී රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි.
එම සාකච්ඡාවේදී එම සිද්ධිය සඳහා ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කර ඇත.
එම කමිටුවේ සාමාජිකයින් වශයෙන්,
නීතිඥ කුමාර් දුනුසිංහ මහතා
නීතිඥ ඉන්දික වේරගොඩ මහතා
ආචාර්ය විතානගේ මහතා
කමිටු ලේකම් – නීතිඥ යසස් ද සිල්වා මහතා
මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය විය.
අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කලේය.


















