BREAKING NEWS
Search

28 හැවිරිදි ඇයටත් නූපන් කැකුළටත් මේ ඉරණම අත් වුණේ රෝහලේ නොසැලකිල්ල නිසාද..? මන්නාරම රෝහල නොසන්සුන් කරමින් ඇසෙන කතාව මෙන්න..

209
කිරි සිනා දකින්න ඕනම යුවලක් කැමැත්තෙන් ඉන්නවා කියන එක නොරහසක්… ඔවුන් දෙදෙනාගේ ජීවිත ඇතුලෙත් ඒ හීනයට ලොකු ඉඩක් තිබුණා..

මවක් වෙන්න ඇය මොන තරම් නම් පෙරුම් පුරන්න ඇතිද..? ඒත් සැනින් ඒ හැම දෙයක්ම බොඳවූ සිහින වෙනවා.. මේ කතාව ඇසෙන්නේ මන්නාරම ප්‍රදේශයෙන්..

දරු ප්‍රසූතියක් සදහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ ගැබිණියක් සහ කුස තුළ වූ දරුවා මියයෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…

මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි මෙම ගැබිනිය ස්වභාවික දරු උපතක් සදහා ඊයේ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා…

එහිදී ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුවීම හේතුවෙන් සිසේරියන් සැත්කමක් කර හෝ දරුවා පිටතට ගන්නා ලෙස ඉල්ලා සිටියද ඒ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය අවධානය යොමු නොකළ බවටයි ඥාතීන් චෝදනා කළේ… මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක තරුණියක්…

මෙම තත්ත්වයට විරෝධය පළ කර ඥාතීන් ඊයේ රෝහල් පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *