පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ යෝජනාවක් තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කැබිනට්, අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න.
කොළඹ නිල නිවාස අමාත්‍යවරුන්ට දෙනවා නම් කුලී පදනම මත ලබාදෙන්න. ඒ සල්ලි මහපොළ අරමුදලට ලබාදෙන්න.
කාර්යාලයක් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල අවශ්‍ය නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285යි. එකත් එපා නම් මේක ගරු සේවයක් කරන්න. වාහන දීමනා ඇතුළු සියල්ල නතර කරන්න.
මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලෙස ලබාදෙන්න.
රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන රක්ෂණ ආවරණය නතර කරන්න.
විශ්‍රාම වැටුප අහෝසි කරලා දාන්න.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූත්වය නැති කරන්න.
21 වෙනදාට පෙරම මේක පටන් ගන්න. මොකද 21 නිවාස දෙන්න ෆෝම් එක දුන්නට පස්සේ මේක කරන්න බැරි වෙයි. ඒ නිසා දැම්ම පටන් ගන්න.”


















