BREAKING NEWS
Search

මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්

484

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ඊයේ (19) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා.

එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි. තිස් වසරක් මරාගත්තු ඒ වගේම යම් ආකාරයක ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ක්‍රියාකාරීත්වය අලුත් ජනාධිපති කෙනෙක් අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ඔවුන් හකුළාගනී කියලා.

සතුරන්ට ඕන වුණේ පොහොසත් රටක්, සෞභාග්‍යමත් රටක් හදන්නද සතුරාට. ඒ නිසා සතුරාගේ ඉලක්කය තාමත් එලෙසින්ම තිබෙන බව පමණක් අපි අමතක නොකළ යුතුයි. සමහර විට වෙනස් ක්‍රියාන්විතයක් ඔස්සේ එන්න පුළුවන්.

හැබැයි කිසිසේත්ම එය නොතකා හැරිය යුතු මෙතෙක් තිබූ ජාතික ව්‍යාපාරය අවශ්‍ය නෑ කියන තැනට එනවා නම් ඒ තරම් මෝඩ දෙයක් තවත් නෑ කියන එක අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි.” 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *