BREAKING NEWS
Search

හරීන් අත්අඩංගුවට

520

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අංක 10 මුද්‍රිත ටී ෂර්ට් පැලඳගෙන බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *