BREAKING NEWS
Search

කොළඹ අවට සුරාසැල්වලට හදිසියේම සිදු වූ දේ

297

කොළඹ නගරය අවට මත්පැන් සිල්ලරට විකිණීම කරනු ලබන ර.බි.04 බලපත්‍රලත් ස්ථාන කිහිපයක් හදිසි පරීක්ෂා කිරීමකට ලක්කිරිමේදී ආරක්ෂිත මුද්‍රා නොමැති සහ සැකසහිත ආරක්ෂිත මුද්‍රා සහිත විදේශ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබුණු පැමිණිලි මත සිදු කරන ලද විමර්ශනවලින් පසුව ආරක්ෂිත මුද්‍රා ස්ටිකර් සම්බන්ධ බලපත්‍ර ස්ථානයන් පරීක්ෂා කරනු ලැබුවා.

එම විදේශ මත්පැන් බෝතල් වැඩිදුර පරීක්ෂණ සදහා සුරාබදු නිලධාරීන් බාරයට ගෙන සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.ඒ.රොෂාන් පෙරේරා කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *