BREAKING NEWS
Search

පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට

346

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන අනුව පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී තිබේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත අදාළ පාසල්වල විදුහල්පතිවරු සහ සිසු සිසුවියන් විසින් සමරු තිළිණ පිළිගැන්වූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාළ පාසල්වල රෝපණය කිරීම සඳහා වටිනා පැළයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීම ද සිදු කෙරිණි.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ ජේ. එම්. බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *