BREAKING NEWS
Search

පරිස්සම්වන්න. අද රෑ වෙන්න යන දේ. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්…

3181
හෙට (20) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ උතුරු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකියි.
වෙනත් පුවත්

ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩ තහනමට ලක් කර පසුව අනිවාර්යය නිවාඩු යැවූ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව සිදු කරන පරීක්ෂණ කටයුතු මාස තුනක කාලයකදී අවසන් කරන ලෙස ජාතික පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙසේ නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස් තුරෙයිරාජා සහ දිලි ප් නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *