BREAKING NEWS
Search

රජ ගෙදරට හොරු පනී.. වටිනා බඩු දෙකක් අතුරුදහන්

161
රජ පවුල ගැන නිතර දෙවේලේ අපට අසන්න ලැබෙනවා..

ඒ ත‍රම් ලෝකයේ බොහෝ දෙනෙක් ඔවුන් ගැන පසුවන්නේ අවදානයෙන්..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ලෝකයේම අවදානය දිනාගත්ත විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් සමඟ ජීවත් වෙන මාලිගය ගැන ඇසෙන පුදුම හිතෙන කතාවක්..

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් එංගලන්තයේ පිහිටි ලෝක ප්‍රකට වින්ඩ්සර් මාලිගාවට සොරුන් දෙදෙනකු කඩා පැන එහි තිබූ ඩබල් කැබ් රථයක් සහ රෝද හතරේ ක්වෝඩ් යතුරුපැදියක් සොරකම් කර පලා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා..

පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවූ එම සිදුවීම පසුගියදා ස්කයි පුවත් සේවය විසින් හෙළි කරනු ලැබූ අතර, මේ වන විට විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් සමඟ පදිංචිව සිටින්නේද මේ මාලිගයෙයි.. වින්ඩ්සර් මාලිගාවේ ආරක්ෂක රැකවලුන්ගෙන් මිදී මීටර් 1.82ක ආරක්ෂිත වැට ද තරණය කර මුහුණු වසාගත් එම සොරුන් දෙදෙනා මාලිගා භූමියට ඇතුළු වී ඇතැයි ද, ඒ මොහොතේ විලියම් කුමරු සහ කේට් කුමරිය සිය දරුවන් තිදෙනා සමඟ නින්දේ පසුවූ බව ද ස්කයි පුවත් සේවය වාර්තා කර තිබුණා..

තේම්ස් නදිය අසල පිහිටි වින්ඩ්සර් රාජකීය මාලිගාව පිහිටි වතුයායේ සොරකමක් පිළිබඳ වාර්තාවක් ලැබුණු බව තේම්ස් නිම්නයේ පොලිස් ප්‍රකාශකයකු ස්කයි පුවත් සේවයට ප්‍රකාශ කර ඇති අතර, මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් සඳහන් කර ඇතැයි වාර්තාවල සඳහන්..

11 වැනි සියවසේ ඉදි කර ඇති එංගලන්තයේ විශාලතම මාලිගාව වන වින්ඩ්සර් මාලිගාව සියවස් ගණනාවක කාලය පුරා බ්‍රිතාන්‍ය රජවරුන් හා රැජනන් 40 දෙනකුගේ නිවහන බවට පත්වී තිබූ අතර, අවසන් වරට එලිසබෙත් රැජනගේ වාසස්ථානය බවට පත්වී තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *