BREAKING NEWS
Search

බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් කොන්දොස්තර ඇතුළු දෙදෙනෙකුට සිදු වූ දේ

170

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 69 හැවිදිදි පුද්ගලයෙකි.

පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ කොස්වත්ත දෙසට ධාවනය වීමේදී එම මං සන්ධිය ආසන්නයේදී  බස් රථයේ පිටුපස පාපූරුවේ සිටි කොන්දොස්තරවරයා සහ මගියෙකු ඉවතට විසි වී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලද ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී කොන්දොස්තරවරයා මියගිය බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *