BREAKING NEWS
Search

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

432
මේ කියන්න යන්නේ පාසල් යන සිසුන්ට  වැදගත් පණිවිඩයක්..
3 වන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් 22 (සිකුරාදා) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා…

පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 1 දක්වා ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය පවසන්නේ…

එමෙන්ම 3 වන වාරයේ දෙවන අදියර ජනවාරි 2-17 දක්වා ක්‍රියාත්මකයි…

වෙනත් පුවත්

රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අනෙක් නම ඉදිරියේදී මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවය.

ගෑස් සිලින්ඩරය සලකුණ යටතේ 2024 මහමැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහිදී ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය.

ඊට අමතරව එම පක්ෂයෙන් අනුරාධ ජයරත්න (මහනුවර), රෝහිත අබේගුණවර්ධන (කළුතර) සහ චාමර සම්පත් දසනායක (බදුල්ල) මහ මැතිවරණයට තරගකර පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්හ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *