BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

210

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

වෙනත් පුවත්

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේදී  නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව රජයේ ආරංචි කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *