BREAKING NEWS
Search

ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයට

538

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ   මන්ත්‍රීවරුන් 43 දෙනෙකු   විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය  අසුන්ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු පමණි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව  159කි.

මේ අතර විපක්ෂයෙන්ද මන්ත්‍රීවරු 66 දෙනෙක් තේරී පත්ව සිටිති.දස වැනි පාර්ලිමේන්තුව රැස්වන ලබන 21 වැනිදා පමණක් මන්ත්‍රීවරුන්ට තමන්ට කැමති ආකාරයට මැතිසබේ අසුන් ගත හැකි බව වේත්‍රධාරී  කුෂාන් ජයරත්න මහතා පැවසීය.

ඊට පසු මන්ත්‍රීවරුන්ට විධිමත් ආකාරයට අසුන් පැනවීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *