BREAKING NEWS
Search

පස්සර බිබිල මාර්ගයේ ගමන් ගන්නන්ට දැනුම්දීමක්

118

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද(  18)  අලුයම පස්සර බිබිල මාර්ගයේ 13  අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශාල නායාමකින් මෙම  මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින්  පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

අදාල සහන කණ්ඩායම් සමග  බැකෝ යන්ත්‍ර  මෙම ස්ථානය වෙත  මේ වනවිටත් යොමු කර ඇති බවත් කඩා වැටී ඇති  ගල් පර්වත  ගස් හා පස් කඳු ඉවත් කිරීම පෙරවරුවේ සිට ආරම්භ  කරන බවද මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *