BREAKING NEWS
Search

මන්නාරමේ යුධ හමුදා කඳවුරක හදිසි තත්වයක්

491

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව මන්නාරම සෞඛ්‍ය අංශ පවසති.

සෞඛ්‍ය අංශ පැවැසූවේ කඳවුරේ සෙබළුන් 20 කට ආසන්න ප්‍රමාණයකට යම් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතින බවයි.

උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත්, කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවත් මන්නාරම සෞඛ්‍ය අංශ පවසති.

පැතිර යන උණ රෝග තත්ත්වය නිශ්චිතව හඳුනාගැනීමට පරීක්ෂණාගාර වෙත යොමුකොට ඇති බවත්, දින හතරක පමණ කාලයක සිට උණ රෝගය පැතිරීම සිදුව ඇති බවත් මුලිකව අනාවරණය වී ඇති බවද සෞඛ්‍ය අංශ පැවසූහ.

යුධ හමුදා නිලධාරීන් පැවසූවේ රෝගී තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *