BREAKING NEWS
Search

මව සහ නැගණිය විකුණා නඩත්තු කරන මිහරකා – ඉන්දියාවෙන් ඇහෙන ඇස් උඩයන කතාව

221
ඉන්දියාව කියන්නේ පුවත් මවන රටක් … අරුම පුදුම මී හරකෙක් ගැන ඉන්දියාවෙන් ඇහෙන අපුරූ කතාවක් ගැනයි මේ කියන්න හදන්නේ…
ඉන්දීය රුපියල් කෝටි 23 ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වෙනවා…

මේ මී හරකාගේ නම අන්මෝල් බවයි වාර්තා වෙන්නේ… මෙම මී හරකා බරින් කිලෝ ග්‍රෑම් 1500 ක් පමණ වෙනවාලු…

අන්මෝල්ගේ ප්‍රියතම ආහාරවලට බිත්තර, කිරි සහ ආමන්ඩ්ද ඇතුළත් බව සඳහන්….

හර්යානා ප්‍රාන්තයේ කෘෂි කාර්මික ප්‍රදර්ශනවලටද අන්මෝල් ඉදිරිපත් වෙනවාලු…

අතර එම ප්‍රදර්ශනවලට පැමිණෙන්නන්ගේ නොමද ආදරයත් ආකර්ෂණයත් දිනා ගන්නට අන්මොල් සමත්ව වෙලා තිබෙනවා…

අන්මෝල්ගේ දවසක ආහාර සඳහා රුපියල් 1500 ක මුදලක් වෙන්වන බවත් තෝරා ගත් ආහාර පමණක් අන්මෝල්ට ආහාරය සඳහා ලබාදෙන බවත් අයිතිකරුවන් පවසනවා….

අන්මෝල් දෛනිකව ආමන්ඩ් ග්‍රෑම් 250ක්, දෙළුම් කිලෝග්‍රෑම් හතරක්, කෙසෙල් ගෙඩි 30ක්, කිරි ලීටර් පහක් සහ බිත්තර 20ක් ආහාරයට ගන්නා අතර දෛනික ආහාරවලට අමතරව කේක්, හරිත ආහාර, ගිතෙල්, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු ද ආහාරයට ගන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ….

අන්මෝල්ගේ වියදම් දැරීම සඳහා අයිතිකරුට අන්මෝල්ගේ මව සහ නැගණිය විකිණීමට සිදුව ඇති බවද පැවැසෙනවා…
ඒ ගැන නම් හුගාක් අය දුක් වෙනවාලු…

මොනතරම් අපහසුකම් තිබුණත් අන්මෝල්ගේ ජීවන රටාව අයිතිකරු වෙනස් නොකරන බවද සඳහන් වෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *