BREAKING NEWS
Search

අදහාගත නොහැකි ලෙස වෙනස් වූ රන් මිල මෙන්න

1351
පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා.

මේ අනුව, ඊයේ දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් හත් ලක්ෂ පනස්දහස් තුන්සිය අසූවක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 1gක මිල රුපියල් 26,470ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1gක මිල පිළිවෙළින් රුපියල් 24,270 ක් සහ රුපියල් 23, 170 ක් ලෙසයි සටහන් වූයේ.

වෙනත් පුවත් 
පළාත් කිහිපයකට තද වැසි 
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *