අහුන්ගල්ලේ ප්‍රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කර ඇතැයි පොලීසිය පවසනවා.
මෙම හෝටලයට රුසියානු ජාතික 41 හැවිරිදි කාන්තාවක් පසුගිය නොවැම්බර් 8 වනදා පැමිණ ලැගුම්ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
බැංකු සේවිකාවක් වන අදාළ කාන්තාවගේ උපන්දිනය නොවැම්බර් 12 වනදාට යෙදී තිබෙනවා.
මෙදින ඇය එය සමරමින් දැඩිලෙස මත්පැන් පානය කර සිය කාමරයේ නින්දට ගිය බවයි ප්‍රකාශ කොට ඇත්තේ.
ඒ අතරතුරදී කාමරයට පැමිණි පුද්ගලයෙකු විසින් ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇති බව පැවසෙනවා.
පසු දින මෙම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසියට පැමිණිලි කර තිබෙන අතර අනතුරුවයි විමර්ශන සිදුකොට සැකකරු හඳුනාගෙන අත්තේ.
අදාළ සැකකරු හෝටලයේම සේවකයෙකු බවයි පැවසෙන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.



















