BREAKING NEWS
Search

සිත කලකිරී මහින්දානන්ද දේශපාලනයෙන් සමු ගනී..! අවසානෙට කියූ දේ මෙන්න

323
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගන්නා බව නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අද  පවසා තිබෙනවා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කල බවයි ඔහු කියා සිටියේ.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, ඔහු සඳහන් කරනවා.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ බවත්, ඡන්ද දායකයින් මනාප 20,401ක් පමණක් ලබා දි තිබූ බවත්, ඔහු පවසනවා.

තමන් මීට ප්‍රථම පැවති මැතිවරණවලදී ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බව පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි හෙතෙම කියා සිටියේ.

තම දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කළද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැඳී සිටියේ තම ආසනයේ ඡන්ද දායකයින් වෙනුවෙන් බවයි ඔහු සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *