BREAKING NEWS
Search

මාරක අනතුරකින් හිමිනමක් අපවත් වෙයි. තවත් හිමිනමකට හා රියැදුරුට තුවාල

263

තිස්ස – කතරගම මාර්ගයේ ගම්උදාව හංදිය කාවන්තිස්සපුර ශ්‍රී නිකේතනාරාමය අසල දී පෙරේදා (14 දා) සිදුවූ රිය අනතුරකින් හිමිනමක් අපවත්වී තවත් හිමිනමක් ඇතුළු රියැදුරුට තුවාල සිදුවී ඇත.

තිස්ස-කතරගම මාර්ගයේ ගම්උදාව හංදියේ මාරක අනතුරෙන් වෑත්තාගල සද්ධාරතන හිමිපාණෝ අපවත් වෙති

මෙම අනතුරින් අපවත්වී ඇත්තේ තණමල්විල ඇඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ වෑත්තාගල සද්ධාරතන (84) හිමිපාණන්වහන්සේය.

අපවත්වූ ස්වාමීන්වහන්සේ තවත් හිමිනමක් සමග ත්‍රිරෝද රථයකින් යමින් සිටිය දී මෝටර් රථයක ගැටී අනතුර සිදුවී තිබේ. අනතුරෙන් තුවාල ලැබූ ස්වාමීන්වහන්සේලා දෙනම සහ ත්‍රිරෝද රථ රියැදුරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සද්ධාරතන ස්වාමීන් වහන්සේ අපවත්වී ඇත. මෝටර් රථයේ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබේ. තිස්සමහාරාම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *