BREAKING NEWS
Search

බස් – වෑන් රථ එකිනෙක ගැටී ප්‍රපාතයට පෙරළිලා – තිදෙනෙක් මරුට – තිහකට තුවාල

320

දඹුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ ලග්ගල ඒළවනාකන්ද මාරක වංගුවේ දී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් පෙරේදා (14දා ) සවස 10.00 ට පමණ එකිනෙක ගැටී ප්‍රපාතයට පෙරළී ගොස් තිදෙනකු ඒම ස්ථානයේදීම මිය ගොස් ඇති බව විල්ගමුව පොලිසිය පැවැසීය. අඩි හැටක් පමණ ප්‍රපාතයට වාහනය පෙරළීමෙන් එහි ගමන්ගත් තිහකට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බස් - වෑන් රථ එකිනෙක ගැටී ප්‍රපාතයට පෙරළිලා - තිදෙනෙක් මරුට - තිහකට තුවාල

සංචාරයක් සඳහා කොළඹ-හෝකන්දර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන වස්ගමුව දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් සහ හෙට්ටිපොල සිට මාතලේ දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී තහවුරු කර ගෙන ඇත.

බස් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ වෑන් රථයේ ගමන් කළ අයෙකු මිය ගොස් සිටිති. 41 දෙනකු පමණ තුවාල ලබා සිටිති. තුවාලකරුවෝ හෙට්ටිපොල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තුවාලකරුවන් මහියංගනය මහ රෝහලට මාරු කර ඇත. අනතුර වාර්තාවූ වහාම විල්ගමුව පොලිසියේ සහ දඹුල්ල යුද හමුදා කඳවුරේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ අනතුරට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මාතලේ සහකාර පොලිස් අධිකාරී (1) රත්නායක මහතාගේ උපදෙස් මත විල්ගමුව පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *